දිගු කලක් තිස්සේ බලා සිටි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම අද (15) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
1964 දී ඉදිකරන ලද පිටකොටුව බස් නැවතුම්පොළ දශක හයකට පසු ප්‍රථම වරට සම්පූර්ණ ප්රතිසංස්කරණයකට භාජනය වෙමින් පවතින අතර, ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 424 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ප්‍රතිසංස්කරණ සැලැස්මට නවීන වැසිකිළි, තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථාන, වැඩිදියුණු කළ ආරක්ෂක පද්ධති සහ මගී පහසුව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ඇතුළත් වේ. වාර්තාවලට අනුව, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට (SLAF) පවරා ඇත.
මේ අතර, පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ‘සිහින ගමනාන්තය’ වැඩසටහනේ කොටසක් ලෙස, මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අද ආරම්භ කිරීමට නියමිතය. දුම්රිය ස්ථානයේ ඓතිහාසික වටිනාකම සහ වාස්තු විද්‍යාත්මක ස්වභාවය ආරක්ෂා කරන ආකාරයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව නිලධාරීන් සඳහන් කළහ.