
2025 පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසීම අද (මැයි 6) පෙරවරු 7.00 සිට දිවයින පුරා ආරම්භ වී ඇත. පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර, මධ්‍යස්ථාන 13,759ක් තුළ මෙම ඡන්දය පැවැත්වෙයි. මෙවර මැතිවරණය පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන අතර, එයට මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළත් වේ. අපේක්ෂකයින් 75,589ක් තරඟ වදින අතර, දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 14ක් සම්බන්ධ වෙයි.