ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සංවිධානාත්මක අපරාධකරුවෙකු “ලොකු පැටී” හෙවත් ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා මහතා අද (මැයි 04) උදෑසන 7.43ට පමණ ඩුබයි ඔස්සේ බෙලරූස් රාජ්‍යයෙන් දිවයිනට රැගෙන ආ බව වාර්තා වේ. ඔහු CID නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
“ලොකු පැටී”ට මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම්, ගිනිඅවි හා පිපිරීම් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මේ වනවිට ඔහුට එරෙහිව කළුතර, කැස්බෑව සහ මතුගම අධිකරණවල නඩු විභාගය සිදුවෙමින් පවතී. එමෙන්ම ඔහු විදේශගතව සිටිමිනුත් විවිධ ඝාතන මෙහෙයවූ බවටත් අනාවරණය වී ඇත.