පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ තම සේවා ස්ථානවල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අප්‍රේල් 24 දින ආරම්භ වු අතර, 25 සහ 28 යන දිනවලද සිදු විය. ඒ සමඟම, පළාත් පාලන මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතුද අද දිනයෙන් අවසන් වීමට නියමිතය. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, මේ වන විට සියයට 90ක් පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කර ඇති බවයි.