ශ්‍රී ලංකාවේ තෙවන නැනෝ උපාග්‍රහය හෙට අවකාශයට නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ තෙවන නැනෝ උපාග්‍රහය, දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුම සහ විශේෂඥතාවය යොදා ගනිමින් සංවර්ධනය කරන ලද්දේය. එය හෙට (19) අවකාශයට නිකුත් කිරීමට නියමිත බව මොරටුව ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.

මෙම උපාග්‍රහය BIRDS-X Dragonfly ලෙස නම් කර ඇති අතර එය NASA විසින් අගෝස්තු 24 දින SpaceX-33 රොකට් මගින් ජාත්‍යන්තර අවකාශ මධ්‍යස්ථානයට (ISS) ගෙන ගොස් තිබේ.

2019 දී Ravana-1 නැනෝ උපාග්‍රහයත්, 2022 දී KITSUNE නැනෝ උපාග්‍රහයත් ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට නිකුත් කර තිබේ.

අදාළ BIRDS-X Dragonfly උපාග්‍රහය හෙට ප.ව. 2.15ට ජාත්‍යන්තර අවකාශ මධ්‍යස්ථානයෙන් එහි නියමිත පථයට නිකුත් කිරීමට නියමිතයි.

මෙම උපාග්‍රහයේ ප්‍රධාන කාර්යයන්:

  • නව සන්නිවේදන උප-පද්ධතියක් අභ්‍යවකාශයේ පරීක්ෂා කිරීම – අඩු වැය සහිත UHF transceiver එකක් අභ්‍යවකාශ තත්ත්වයන් යටතේ පරීක්ෂා කිරීම.
  • APRS Digipeater – ගෝලීය amateur රේඩියෝ මෙහෙයුම්කරුවන්ට සහ පර්යේෂකයන්ට උපාග්‍රහය හරහා සන්නිවේදන පරීක්ෂා කිරීමට හැකියාව ලබාදීම.
  • Store-and-Forward සන්නිවේදන පද්ධතිය – පරිශීලක පණිවිඩ උඩුගත කර, සඟවාගෙන, පසුව වෙනත් ප්‍රදේශවල ස්ථානවලට භූගත කිරීමට හැකිවීම.