2025 පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය (ජා.ජ.බ.) බහුතර ආසන ගණනකින් ඉදිරියෙන් පසුවුවද, පැහැදිලි බහුතරයක් ලැබී ඇත්තේ ආයතන 103ක පමණි. ආයතන 20කට ආසන්නව විපක්ෂ පක්ෂ හා ජා.ජ.බ. සමාන තත්ත්වයක පවතින අතර, අනෙකුත් ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටය. මෙම තත්වය සභා පිහිටුවීම් අවස්ථාවේදී අර්බුදකාරී තත්ත්වයන්ට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරයි. 50%කට වඩා ආසන හිමිකම් නොමැති ආයතනවලදී සභාපති පත් කිරීම සභිකයින්ගේ එකඟතාවය මත සිදු විය යුතුය.