ශ්‍රී බුද්ධ වර්ෂ 2569 සම්බුදු තෙමගුල සනිටුහන් කරමින් ජාතික වෙසක් සතිය අද (10) ආරම්භ වී මැයි 16 දක්වා පැවැත්වේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන “කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාවෙන් පැවැත්වේ. තායිලන්ත භික්ෂූන්ගේ ‘සියම් ලංකා ධර්ම යාත්‍රාව’ද අද නුවරඑළිය නගරයෙන් අවසන් වීමට නියමිතය. වෙසක් සතිය නිමිත්තෙන් මැයි 12, 13 සහ 14 වනදා මස් අලෙවිසැල්, සුරාසැල්, කැසිනෝ, බුකී ආදිය වසා තැබෙනු ඇත.