ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් අද (09) උදෑසන විසිරයෑමේ පෙළපාලියක් සඳහා පුහුණුවක් අතරතුර කඩා වැටී ඇත. එය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති අතර, එහි ගමන් කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනාම මේ වනවිට බේරාගෙන තිබේ.