කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇත. අවුරුදු නිවාඩුවෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීම මෙය වන අතර, හෙට දිනවලද කටයුතු පැවැත්වීමට නියමිතය. අද විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂයේ සභාව කල් තබන යෝජනාවක් විවාදයට ගැනේ. හෙට දින පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 6ක් විවාදයට ගන්නා අතර, එමඟින් මහජන නියෝජිතයින්ට හිමි වරප්‍රසාද කප්පාදු කිරීම සහ සෑම පවුලකටම නිවසක් ලබාදීම ආදිය අඩංගු වේ.