මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවා ඇති අතර, දස දහසක් වත් මිය යාමේ අවදානමක් පවතින බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවයි. මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේට දැඩි හානි සිදුවී ගොඩනැගිලි රැසක් නාස්ති වී ඇති අතර, රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඇත. පසුකම්පන හේතුවෙන් ඇතැම් අය රෝහල් පිටත ප්‍රතිකාර ලබන අතර, දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් අපහසු වී තිබේ. චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරයට සහාය වීමට පැමිණ ඇති අතර, භූ කම්පනයේ බලපෑම තායිලන්තය, චීනය, ඉන්දියාව, වියට්නාමය සහ බංග්ලාදේශය දක්වා ව්‍යාප්ත වී තිබේ.
Souces from – CBC NEWS